පවුලේ එකම දරුවා හිතුවක්කාර වීමට හේතුව මෙන්න

එකම දරුවා වීම කියන තරම් නරක දෙයක් නොවේ ;
පවුලේ එක් දරුවෙකු පමනක් සිටීම ගැන සමහරුන් තුල පවතින්නේ එතරම් යහපත් ආකල්පයක් නොවේ..තනි දරුවා වීම නිසා ඔහු හෝ ඇය විසින් ඉල්ලා සිටිනා ඕනෑම දෙයක් ලබා දීමට දෙමාපියන් පෙලබෙන හෙයින්,දරුවා මුරන්ඩු පුද්ගලයෙක් බවට පත් වීමේ ඉඩ කඩ වැඩි බවට මතයක් පවතී..
එපමනක් නොව තනිව හැදෙන වැඩෙන දරුවන් සබකෝලයට වැඩි නැබුරුවක් දක්වන බවත්,ඔවුන්ගේ කුසලතාවන්හී යම් හීන දාවයක් දක්නට ලැබෙන බවත් තවත් පිරිසකගේ පිලිගැනීම වේ
තනි දරුවා වුනාම එකා යකා වෙන එක අහන්නත් දෙයක් දැයි ඇතැමෙකු කියන්නේ ඒ නිසා වෙනි…
මේ රිනාත්මක ආකල්පය යම් දුරකට තහවුරු කෙරෙන සාක්ශියක් මීට වසර කිහිපයකට පෙරාතුව 2008 ලැබී තිබුනි..
ඇමරිකා එක්සත් ජනපදයේ පෙර පාසල් වලඉගෙනුම ලබන දරුවන් 20,000 සම්බන්දයෙන් කෙරුන පරීක්ශනයකදී දරුවන්ගේ කුසලතා අගයන ලෙස ගුරුවරුන්ට නියම කෙරිනි..
සෙසු දරු දැරියන් සමග සැසදීමේදී පවුලේ එකම දරුවන්ගේ සාමාජීය කුසල තාවයන් හි යම් අඩුවක් දක්නට ලැබෙන බවත්,ඔවුන්ගේ ස්වයන් පාලන හැකියාවද සාපේක්ශ්ය වශයෙන් අඩු බවත් ගුරුවරුන් සනාත කල බව කියවේ..තවද ඔවුන්ගේ හැසිරීම් රටාවන්හි යම් අඩු පාඩු දක්නට ලැබෙන බවද ගුරුවරුන් පවසා තිබේ
එහෙත් ඔහියෝ රාජ්ජ්ය විශ්වවිද්යාලයේ සමාජ විද්යාන්නයන් දෙපලක් වන ඩොනා බොබිර්ශේකර් හා ඩග්ල්ස් ඩවුනි විසින් මැතකදී කරන ලද පරීක්ශනයකින් මීට හාත් පසින්ම වෙනස් දෙයක් අනවරනය වී තිබේ..
2004 දි පෙර පාසල් දරුවන් පිලිබද පරීක්ශනය මෙහෙය වුවේද ඩග්ලස් ඩවුනි විසින්ම බව මෙහෙදී අනාවරනය කල යුතු වේ.
නවතම පරීක්ශනයයේ දී ඇමතිකාවේ 7/12 ශ්‍රේණි වල ඉගැනුම ලබන පාසල් දරුවන් 13,466 දෙනෙකුට පහසු ප්‍රශ්නයක් ඉතිරිපත් කෙරිනි.එනම් පාසලෙහි සිටින තම්න්ගේ හොදම මිතුරන් පස් දෙනෙකු නම් කරන ලෙසයි..සමීපතම මිතුරන් තේරීමේදී ඔහු හෝ ඇය පවුලේ එකම දරුවන්ද නැද්ද යන්න කිසි සේත්ම බල නොපාන බව මෙම පරීක්ශනයෙන් හෙලි වී ඇත.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *