පියාණන්ගේ සිරුර කපා කැමැත්ත ඉටු කල පුතා

පියාණන්ගේ සිරුර කපා කැමැත්ත ඉටු කල පුතා..

පියාගේ සිරුර කෑලි කෑලි වලට කපන්නට පුතෙකුට සිදුවන්නේ නම් එය කවර ආකාරයේ අත්දැකීමක් වනු ඇතිද ?
එය ආනන්තරීය පාපකර්මයක් බවට බොහෝ දෙනෙක් පවසනු ඇත.

එහෙත් අප මේ කියන්නට සූදානම් වන්නේ පන පිටින් සිටින පියෙකුගේ සිරුරක් ගැන නම් නොවේ..සිද්දියට සම්බන්ද පියා අවුරුදු 89ක් ආයු වලදා ජීවිතයෙන් සමුගත් ආයුර්වේද වයිද්‍ය වරයෙකි

සිද්දියට සම්බන්ද පුතා 40 හැවරදි වයිද්‍ය වරයෙකි.මෙම පියාගේ අන්තිම කැමති පත්ත්‍රයේ සදහන් වී ඇත්තේ තමන් මිය ගිය පසුව තමන්ගේ දේහය වය්ද්‍ය සිසුන්ගේ ප්‍රයෝජනය සදහා යොදා ගත යුතු බවයි.

එපමනක් නොව පියා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ වයිද්‍ය සිසුන් ඉදිරියේ තමාගේ සිරුල කැපිය යුත්තේ තමාගේ පුතා බවය.ඒ අනුව තම පියාගේ අවසන් ඉල්ලිම ඉටු කරමයි වයිද්‍ය වරයේ තම පියාගේ සිරුර කැපුවේය…

ඔහු පවසන පරිදි…

ඇත්තටම එය ඉතාම අපහසු කාර්යයක් ඒත් මගේ පියා ජීවත්ව සිටින කාලේදිත් මා සමග ප්‍රකාශ කලා ඔහුගේ දේහය මා විසින් විදාරණය කරනු ලැබිය යුතු බව.වයිද්‍ය විද්ද්‍යාලයේ සිසුන්ගේ අද්යාපන කටයුතු සදහා මා විසින්ම එය කල යුතු බවත්ය.එබැවින් එම ඉල්ලීම ඉටු කිරීමට මා හට සිදු විය.එය වේදනා කාරී ඇත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නෑ..ඒත් මම ඒ සියලු හැගීම් පාලනය කලා.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *