රැකියාව අහිමි වූ තෙබුවන පොලිස් සාජන් සනත්ට ජනපති මෛත්‍රීපාලගෙන් රුපියල් ලක්ෂ 10ක් පරිත්‍යාගයක්

ඉකුත් 29 වැනිදා පොලිස් සැරයන් සනත් ගුණවර්ධනගේ රාජකාරි දිනයක්ය. තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් සනත් එදින අලූයම් කාලයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පරීක්ෂා කරන්නේය. තෙබුවන ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරියකගේ ස්වාමිපුරුෂයකුට අයත් එම ලොරි රථය පරීක්ෂා කළ පොලිස් සැරයන්වරයා බලපත‍්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප‍්‍රවාහනය කළ ලොරි රථ හිමිකරුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නේය. රටේ නීතියට අනුව බලපත‍්‍ර තිබූ පමණින් වැලි ප‍්‍රවාහනය කළ නොහැකිය.

වැලි ප‍්‍රවාහනය සඳහා ඒ ඒ බලපත‍්‍රයට නියමිත වේලාවක් සහ තවත් කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතුය. පොලිස් සැරයන්වරයා විසින් අදාළ ලොරි රථය නීතිය හමුවට පැමිණ වීම පිණිස කටයුතු කර ඇත්තේ ඉහත සඳහන් ලොරි රථ හිමිකරු විසින් බලපත‍්‍රයේ අඩංගු එක් කොන්දේසියක් කඩකිරීම හේතුවෙන්ය. බලපත‍්‍රයේ සඳහන් පරිදි එම ලොරි රථයට වැලි ප‍්‍රවාහනය සඳහා නියමිත වේලාව සඳහන් කර ඇත්තේ පෙරවරු 6.00 ට පමණය. එසේ තිබියදී අලූයම 4.00 ට වැලි ප‍්‍රවාහනය කරමින් තිබීම බලපත‍්‍ර කොන්දේසි කඩකිරීමක්ය. ඒ අනුව නීතිය පිළිබඳ මනා වැටහීමක් සහිත පොලිස් සැරයන්වරයා නීතිය කි‍්‍රයාත්මක කර ඇත්තේ හිතේ මනාපයට නොව පොතේ ලියවී ඇති නීතියට අනුවය.

සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන සැරයන් සනත් එදින තම වැඩමුරය නිමා කොට නිවසට යන අතර ඔහු නැවත සේවයට වාර්තා කොට ඇත්තේ ඉකුත් 3 දාය. තෙබුවන පොලිසියේ අධිකරණ දිනය එදිනය. එදිනට නියමිත අධිකරණ ලිපි ලේඛන පරීක්ෂා කරන පොලිස් සැරයන්වරයාට වැටහී යන්නේ ඊට දින දෙකකට පෙර නීති විරෝධී අයුරින් වැලි ප‍්‍රවාහනය කරමින් සිටියදී තමන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ‘හොර පාරේ’ ගෙදර ගොස් ඇති බවක්ය. එවැන්නක් සිදුවිය හැක්කේ ඉහළ නිලධාරීන්ගේ අනු දැනුම මතය. ඒ අනුව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ වැලි ලොරිය සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම පිළිබඳ උරණ වන පොලිස් සැරයන්වරයා ඊට විරෝධය ප‍්‍රකාශය කිරීම පිණිස තෝරා ගනු ලබන්නේ තම ජීවිතය උගසට තබමින් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමය.

පසුව පොලිස් සාජන්වරයා අත්අඩංගුවට පත්වනවා.. ඒ කලහා කරිව හැසිරීම සම්බන්දයෙන් පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ රාජකාරි තහනමකට ලක්ව ඔහුව ඇප පිට නිදහස් කරනවා.. රාජකාරි තහනම් වූ නිසා පසු ගිය දින කිහිපයේම ඔහුගේ සැප දුක් බැලීමට බොහෝ පිරිස් ගොස් ඔහුට මුල්‍යමය ආධාර මෙන්න වියලි අහරද ලබාදී පැමිණි පුවත් අපිට අසන්නන ලැබුනා.

මේ අතරේ සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි ජනාධිපතිවරයා හමුවුනා එහිදී ඔහුට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. ඒ එම නිලධාරියා මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාවන් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගනිමින්

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *