හිස් හොරි ඇති වීමට හේතු හා ප්‍රතිකාර

හිස් හොරි ඇති වීමට බලපාන ප්‍රදාන හේතුවක් තමයි හිසට සම්බන්ද සමේ රුදිර සන්සරනය ක්‍රමවත් ලෙස සිදු නොවීම ඒ වගේම හිසකෙස් නිසි ආකාරයට නොපිහිටීම නිසා පොශදායි ආහාර නොගෙනීම හා පිරිසිදු කම අඩුවීම නිසාත් හිස් හොරි ඇති වේ..

මේ හිස් හොරි ඇති වීම නිසා හිස නිතරම කසන ගතියක් ඇතිවීම,කුරුලෑ ඇති වීම සිදු වෙනවා.මෙම හිස් හොරි කැබලි හෝ කුඩු බෙල්ලේ,නලල,පිට ප්‍රදේශ වලට වැටුනොත් බිබිලි ඇති වෙනවා
හිස් හොරි නැති කරගන්න කල යුතු මුල්ම දේ තමා පිරිසිදුවට ඉන්න එක

තමන්ගේ තනි පාවිච්චියට තුවා,කොට්ට උර,පනා තබා ගන්න..ඒවා නිතර නිතර පිරිසිදු කරන්න අමතක කරන්න එපා..

හිස් හොරි වලට ප්‍රතිකාර,
1 – හිස් හොරි වලට ප්‍රතිකාර විදියට ඉතුනු තක්කාලි ගෙඩියක් හිසේ අතුල්ලා පැයකට පමණ පසු සෝදා හරින්න..

2 – මී කිරි හෝ යෝගට් සමග ලෙමන් යුශ මේස් හැදි එකක්,තක්කාලි යුශ මේස හැදි එකක්,වියලි ඉගුරු කුඩු මේස හැදි එකක් හා බිත්තර සුදු මදයක් යන සියල්ලම එකට මිශ්‍ර කර හිසේ ගල්වා විනාඩි 20කට පමන පසු හොදින් සෝදා හරින්න

3- උළු හාල් සමහ දෙහි තම්බා හොදින් පොඩි කර හිසේ ගල්වා විනාඩි 15කට පසු හොදින් සෝදා හරින්න…

මේ ප්‍රතිකාර වලින් පසු සබන් හෝ විවිද වර්ගයේ ශැම්පු භාවිතා කිරීමෙන් වලකින්න…

සාර්තක ප්‍රතිපල ලබාගැනීමට නම් මෙම ප්‍රතිකාර මාස හතරක් වත් අනුගමනය කල යුතුය

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *